Monday, September 26, 2011

පරිගණකය ඔන් කලවිට දිගින් දිගටම බීප් හඩ ඇසේ

පරිගණකය ඔන් කලවිට දිගින් දිගටම බීප් හඩ ඇසේ ඩිස්ප්ලේ (Display) මතු වන්නේ නැත.(මොනිටරයට සිග්නල් නොපැමිණේ)

මේසේ දිගු බීප් හඩ දිගටම ඇසේන්නේ මතකය පිලිබද දෝෂයක් ඇතිවූ විටය.

එනම් ‍රැම් (Ram) එක දෝෂ සගත වු විටය. ඔබේ පරිගණකයේ කේසින් ඉවත් කරන්න මව් පුවරුවට සම්බන්ද කර ඇති (Ram) කාඩ් පත් ගලවන්න. රම් කාඩ් පත මව් පුවරුවට සම්බන්ද වන ( Slot) එක ප්‍රවේසමෙන් හොදින් පිරිසිදු කරන්න. මේ සදහා පිරිසිදු බුරුසුවක් බාවිතා කලහැක. ‍රැම් කාඩ් පත්ද පිරිසිදු කරගන්න. දැන් නැවතත් ‍රැම් කාඩ් පත් මව් පුවරුවට නිසිආකාරව සම්බන්ද කර ගන්න. දැන් පරිගණකය ඔන් කරන්න. සාමාන්‍ය පරිදි පරිගණකය බූට් වේ නම් දෝෂය නිවැරදිය.

දෝෂය තවමත් පවතීනම්

ඔබේ මව් පුවරුවට ‍රැම් කාඩ් පත් එකකට වඩා සවිකර ඇත්නම් සියලු ‍රැම් කාඩ් පත් මව් පුවරුවෙන් ඉවත් කරන්න. පළමුව එක් ‍රැම් කාඩ් පතක් පමනක් සවිකර පරිගණකය ඔන් කරන්න. දැන් දොෂය නිරාකරණය වී ඇත්දැයි බලන්න නැතිනම් එම කාඩ් පත ගලවා අනෙක් කාඩ් පත සවිකර බලන්න. මේ ආකාරයෙන් පරික්ෂා කර දෝෂය සහිත ‍රැම් කාඩ් පත සොයා ඉවත් කර එ වෙනුවට වෙනත් ‍රැම් කාඩ් පතක් භාවිතා කරන්න. ‍රැම් කාඩ් පත් (SDR,DDR1,DDR2,DDR3) ආදී වශයෙන් එක් එක් මව් පුවරු සදහා වෙනස් වන අතර ඔබගේ මව් පුවරුවට සරිලන ‍රැම් කාඩ් පතක් ‍තෝරා ගැනී මට මතක තබා ගන්න.

No comments:

Post a Comment