Tuesday, September 20, 2011

4 නොනවතින උස් හා පහත් හඩින් යුත් බීප් හඩ

පරිගණකය ඔන් කලවිට නොනවතින උස් හා පහත් හඩින් යුත් බීප් හඩ ඇසේ

මෙලෙස උස් හා පහත් හඩින් යුත් බීප් හඩ ඇසෙන්නේ ප්‍රොසසරය අදික ලෙස රත්වු විටය.

* මෙහිදි ඔබගේ පරිගණකයේ ප්‍රොසසරයේ කූලින් ෆෑන්( Cooling Fan) එක ක්‍රියාත්මක වේ දැයි පරික්ෂාකර බලන්න. එය ක්‍රියානොකරයි නම් එහි පවර් කේබල් එක ගැලවී ගොස් ඇත්දැයි පරික්ෂාකරන්න. (Cooling Fan) එක ක්‍රියා විරහිත වී ඇත්නම් වෙනත් (Cooling Fan) එකක් මාරු කරන්න.

* ප්‍රොසසරය මත ඇති කූලින් ෆෑන් එක ක්‍රියාකරයි නම් එය ප්‍රොසසරය මතට නිසි ආකාරව සම්බන්ධ වී නොමැත විය හැකිය.එය(Cooling Fan) ගලවා නවත නිසි ආකාරව සම්බන්ධ කරන්න.

සාමාන්‍යයෙන් (Cooling Fan) ක්‍රියාත්මක වූවත් එහි (R.P.M.) අගය (විනාඩියකදී කරකැවෙන වට ගණන) ඉහල මට්ටමක තිබිය යුතුය. එම අගය (R.P.M.) පහත් මට්ටමක තිබුනහොත් ප්‍රොසසරය සිසිල් කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වාත්ය ලබා දීමට නොහැකි වී මෙන් ප්‍රොසසරය අඩික ලෙස රත්වීමට පුලුවන.

(මෙසේ ප්‍රොසසරය අඩික ලෙස රත්වීමෙන් ප්‍රොසසරය දැවී යාමට ඉඩ ඇත) මෙම කරුණු මත ඔබගේ ප්‍රොසසරයේ (Cooling Fan) (R.P.M.) අගය පහත් මට්ටමක තිබේ නම් වෙනත් (Cooling Fan) එකක් සවිකරන්න.

(Cooling Fan) කේ (R.P.M.) අගය බලාගැණීමේ හැකියාව (CMOS Setting) තුල ( Pc Health Statius ) යටතේ දිස්වේ. එහිදී ප්‍රොසසරයේ වර්තමාණ උෂ්ණත්වය, පරිගණකයේ වෝල්ටීයතාව, ආදී තවත් කරුණු බොහොමයක් බලාගත හැක.

No comments:

Post a Comment