Friday, September 28, 2012

වින්ඩෝස් 7 වලදී අමාරු වැඩ පහසු කරගන්නා හැටි.


1 වින්ඩෝස් 7 වලදී බාවිතා කරනු ලබන ෆයිල් සහ ෆෝල්ඩර් සදහා යතුරු පුවරුවේ සෝට්කට් එකක් සකස් කරගන්නා හැටි.


පරිගණකයේ නිතර බාවිතා කරනු ලබන ෆයිල් සහ ෆෝල්ඩර් සදහා යතුරු පුවරුවේ සෝට්කට් එකක් සකස් කරතැබීම පහසුය. මුලින්ම අදාල ෆෝල්ඩර් එකෙහි හෝ ෆයිල් එකෙහි සෝට්කට් එකක් සාදා ගන්න. සදහා අදාල ෆයිල් එක වෙනත් ස්ථානයකට ඇද දමන්න එවිට ලැබෙන මෙනු එකෙන් ( Create Shortcut Here ) යන්නමත ක්ලික් කර ( Shortcut ) එක සාදාගන්න.
ඉන්පසු ( Shortcut ) එකමත රයිට් ක්ලික් කර ( Properties ) වෙත යන්න. දැන් එහි ( Shortcut Tab ) එක සිලෙක්ට් කර තුලින් ස්ටාර්ට් ඉන් ( Start In ) ඉදිරියෙන් ඇති බොක්ස් එක තුල අවශය ( Shortcut ) එක ලබාදෙන්න. ( Ctrl ) යතුර සමග ( Alt ) යතුර බාවිතා කර ( Shortcut ) එකක් ලබාදීම පහසුය. ඉන්පසු ( OK ) කර ලබාදුන් ( Shortcut ) එක  ක්රියාකරවා බලන්න.


2 ඕපන් කර ඇති ෆෝල්ඩරයකසිට අන්තර්ජාලයට පිවිසීම.

ඔබ  ඕපන් කර ඇති ෆෝල්ඩර් එකක් තුල ඇති ඇඩ්රස් (Address)  බාර් එක තුල ඔබට අවශ්ය ඇඩ්රස් ( Address ) එක ටයිප් කර එන්ටර් ( Enter ) කරන්න. එවිට සම්මත වෙබ් බ්රව්සරය විවුර්ත වී අදාල වෙබ් ලිපිනයේ ඇති විස්තර පෙන්වනු ඇත.


3 සෙන්ඩ්ටු ( Send To) මෙනුවට අලුත් ෆෝල්ඩර් එකක් එක්කර ගැනීම.


මෙ සදහා  ( C ) ඩ්රයිව් එකෙහි ( User )මෙනු එක ( Open ) කර තුලින් දැනට ලොග් වි ඇති ( User Account ) එකට අදාල ෆෝල්ඩර් එක ඔපන් කර ගන්න. තුල  ඇති ( AppData ) ෆෝල්ඩර් එක ඔපන් කර ගන්න. තුලින් ( Roaming ) ෆෝල්ඩරයත් ඒතුලින් ( Microsoft )  යන්නත් ඒතුලින් ( Windows) නම් ෆෝල්ඩරයත් ඔපන් කරගන්න. එවිට ඒතුල ( Send To ) ෆෝල්ඩර් එක දැකගත හැකිය.
එයද ඔපන් කරගන්න ඉන්පසු ඔබට අවශ්ය ෆෝල්ඩර් එකෙහි සෝට්කට් එකක්  සාදා එම සෝට්කට් එක මෙම ෆෝල්ඩර් එකතුල ( Paste ) කරන්න.
දැන් ඔබට අවශ්ය ෆයිල් එකක් මත රයිට් ක්ලික් කර සෙන්ඩ් ටූ ( Send to) තේරුවේනම් තුලින් ඔබ සාදාගත් සෝට්කට් එකද ඒතුල තිබෙනු දැකගත හැකි වේ


4 වින්ඩෝස් 7 ප්‍රරමානවත් තරමට වේගවත් කිරීම.

වින්ඩෝස් 7 තුල තිබෙන විවිධ ඉෆෙක්ට් වෙනුවෙන් ඉහල හැකියාවන් සහිත ග්රැෆික් කාඩ් එකක් සහ සිස්ටම් මෙමරි එකක් අවශ්‍ය. පරිගණකයේ වින්ඩෝස් 7 වේගවත් නැතිබව හැගේනම් කලහැකි එක් පිලියමක් වන්නේ එහි ඇති විවිධ විෂුවල් ඉෆේක්ට් අක්රිය කිරීමයි. සදහා ( Start Menu ) එකට ගොස් එහි ඇති ( Search Field  ) එකෙහි    
( Performance ) ලෙස ටයිප් කරන්න. ස්ටාර්ට් ( Start ) මෙනුවේ ඇති ප්රතිපල ලැයිස්තුවෙන් ( Adjust the Appearance ) මත ක්ලික් කරන්න. එවිට ( Performance Option) වින්ඩෝව මතුවෙයි.
එහි ( Visual Effects ) එකෙහි ( Adjust for Best Performance) ‍තෝරා ( Ok ) කරන්න.
 කෙසේවෙතත් වින්ඩෝස් 7 ඉන්ටර්ෆේස් එක තවදුරටත් රදවාගැනීමට අවශ් නම් ( Custom ) යන්න සිලෙක්ට් කලවිට පහලින් මතුවෙන ලැයිස්තුවේ පහලින් ඇති (Use Visual Style On Windows and Buttons) යන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.අව නම් තවත් ඔප්ෂන්ද එම ලැයිස්තුවෙන්ම තෝරා ගත හැක.