Monday, October 3, 2011

පරිගණකය ඔන් කල විට දිගු බීප් හඩක් සමග කෙටි බීප් හඩ දෙකක් හෝ තුනක් ඇසේ

පරිගණකය ඔන් කල විට දිගු බීප් හඩක් සමග කෙටි බීප් හඩ දෙකක් හෝ තුනක් ඇසේ මොනිටරයට ඩිස්ප්ලේ ( Display ) මතු වන්නේ නැත

මෙසේ බීප් හඩ ඇසෙනුයේ වීඩියෝ කාඩ් පත (V.G.A Card) දෝශ සහ ගත වූ විටය. මව් පුවරුවේ ඇති (vga) කාඩ් පත ප්‍රවේසමෙන් ගලවන්න. එය එක් ඇනයකින් කේසින් එකට සම්බන්ධ කර ඇති අතර කාඩ් පතේ අග කොටස ( VGA Slot) එකට ලොක් වී තිබේ. ඉන් පසු පිරිසිදු වියලි බුරුසුවක් ගෙන (VGA Slot) එක හොදින් පිරිසිදු කරන්න. (vga) කාඩ් පතද හොදින් පිරිසිදු කරගන්න. නැවතත් (vga) කාඩ් පත ප්‍රවේසමෙන් මව් පුවරුවට සම්බන්ධ කරන්න. පරිගණකය ඔන් කරන්න දැන් මොනිටරයට ඩිස්ප්ලේ (Display) මතුවේ නම් දෝෂය නිවැරදි වී ඇත.

දෝෂය එලෙසම පවතීනම් එම (vga) කාඩ් පත වෙනුවට වෙනත් (vga) කාඩ් පතක් භාවිතා කරන්න.

(vga) කඩ් පත් (AGP) සහ (PCI Express) වශයෙන් ලබා ගත හැකි අතර ඔබගේ මව් පුවරුවට ගැලපෙන(VGA) කාඩ් පතක්තෝරා ගන්න.

තවද මොනිටර තිරය මත (ඉරි,කොටු,)කැබලි දිස් වේ නම් එයට හේතුවද (vga) කාඩ් පතෙහි පවතින අභ්‍යන්තර දෝෂයන්ය. මෙලෙස දිගින් දිගටම පවතී නම් අලුත් (vga) කාඩ් පතක් භාවිතා කිරීම ඉතා හොදය.

No comments:

Post a Comment