Sunday, November 13, 2011

වයිරස් වැඩසටහන් හදුනා ගැනීම

වයිරස් වැඩසටහන් හදුනා ගැනීම

පරිගණකයේ වයිරස් (Virus) වැඩසටහනක් ධාවනය වේ නම් පහත ආකාරයේ දෝෂ තත්වයන් මතුවිය හැකිය.

*හාඩ් ඩිස්ක් (Hard Disk) වලට හානි සිදුවීම හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හානි සිදුවීම.

*(Run, Task Manager, Windows Registry, Dos Prompt) යන කොටස් විවුර්ත කිරීමට නොහැකි වීම.

*නොයෙකුත් හාඩ්වෙයාර් කොටස් නිවැරදිව ක්‍රියා නොකිරීම හෝ අපිලිවලට ක්‍රියා කිරීම.

*හාඩ් ඩිස්ක ආදිය ඔපන් කිරීමට නොහැකි වීම.

*හිස් ෆෝල්ඩර් ඇතිවීම.

*(Hidden) ෆයිල් නොපෙන්වීම.

*(Folder Option) වෙත යාමට නොහැකි වීම.

*ප්‍රෝග්‍රැම් (Program) රන් නොවීම හෝ ඉබේ රන් වීම ප්‍රෝග්‍රැම් වලට අදාල ෆයිල් මැකී ඇතිබව *පෙන්වීම. ඉබේ (Close) ක්ලෝස් වීම.

*පරිගණකය මන්දගාමී බවක් පෙන්වීම, ස්ටර්ක් (Struck) වීම.

*ඇන්ටිවෛරස් වැඩසටහන් ස්ථාපනය කිරීමට නොහැකි වීම.

ඉහත ආකාරයේ දෝෂතත්වයන් ඔබගේ පරිගණකයේ තිබේනම් වෛරසයක් තිබේ යැයි සැක කලහැක.

ඇන්ටිවෛරස් රෙස්කියු (Antivirus Rescue Disk ) ඩිස්ක් එකක් මගින් පරිගණකය ස්කෑන්කර වෛරසය ඉවත් කිරීමට උත්සාහ කරන්න.

කේසේ හෝ වෛරසය ඉවත් කිරීමට නොහැකිනම් පරිගණකය සම්පූර්ණයෙන් ෆෝමට් කර වින්ඩෝස් නැවත ස්ථාපනය කිරීමට සිදුවේ.