Monday, October 10, 2011

පරිගණකය ඔන් කර සිස්ටම් (System) බූට් වනවිට පරිගණකය රීස්ටාර්ට් (Re Start) වේ.

මෙම දෝෂයට ප්‍රදාන හේතු තුනක් තිබේ.

1 සිස්ටම් ෆයිල් (system file) වලට හානි සිදුවී තිබීම.

2 ‍රැම් කාඩ්පත දෝෂ සහගත වීම.

3 දෘඩතැටිය (hard disk) දෝෂ සහගතවීම.

1 පරිගණකය ඔන් කර සිස්ටම් බූට් වීමට පෙර යතුරු පුවරුවේ (F8) යතුර තදකර (Safe mod) යන්න සිලෙක්ට් කර හරහා (log) වීමට උත්සහා කරන්න. මෙහිදි බූට් වීමට අවශය ප්‍රදාන සිස්ටම් ෆයිල් පමණක් භාවිතා කර බූට් වන අතර අනෙකුත්ප්‍රෝග්‍රැම් කිසිවක් රන් නොවේ. මෙලෙස ඔබගේ (Account) එකට ලොග් වූ විට (Message) එකක් දිස්වේ එහි ඇති (No) යන්න (Select) කරන්න. එවිට (System Restore program) එක ක්‍රියාත්මක වේ.

මෙම දෝෂය පැමිණියේ කිසියම් වැඩසටහනක් පරිගණකයට ස්ථාපනය කලපසු නම් එම දිනට පෙර දිනයකට පරිගණකය (Restore) කරගැණීමෙන් දෝෂය මගහරවා ගත හැක.

පරිගණකයට (Virus) වයිරස් එකක් පැමිණීමෙන්ද මේ ආකාරයේ දොෂ සහගත තත්වයක් ඇතිවිය හැකි අතර ඉහත ආකාරයෙන් (Restore) කර (Antivirus) වැඩසටහණක් හරහා හෝ (Rescue disk) එකක් හරහා පරිගණකය සම්පූර්නයෙන් ස්කෑන් කර (Virus) එක ඉවත් කරගත හැක.

2 ‍රැම් (Ram) කාඩ් පත දෝෂ සහගත වූවිට මෙවැනි තත්වයක් ඇතිවිය හැක. එවිට මව් පුවරුවේරැම් කාඩ් පත් 2ක් හෝ වැඩි ගණනක් සම්බන්ධ කර තිබේ නම් එකින් එක පරික්ෂා කර දෝෂ සහගතරැම් කාඩ් පත ඉවත් කර ගන්න.

3 දෘඩ තැටිය (Hard disk) දෝෂ සහගත වූ විට බෑඩ් සෙක්ටර් (Bad Sector ) ඇති වූ විට මෙවැනි තත්වයක් ඇතිවිය හැකිය. එවිට වෙනත් හාඩ් ඩිස්ක් එකක් බාවිතා කිරීමට සිදුවේ.

මෙහිදී සිදුව ඇත්තේ කුමක්දැයි හොදින් පරික්ෂාකර එයට පිලියම් යෙදිය යුතුය.

(Safe mod) හරහා (log) වීමට නොහැකි නම් (Windows xp) සහිත සීඩී එක ඇතුලු කර බූට් කරන්න. එහිදි (R) (Repair) තදකරන්න. (Account) එකට(log) වී (chkdsk /r) යන්න ටයිප් කර එන්ටර් යතුර තද කරන්න. එවිට දොෂ සහගත ෆයිල් සියල්ල (Recover) රී කවර් වේ. අවසානයේ (Exit) යන්න ටයිප් කර ඉවත් වන්න.දැන් සාමාන් පරිදි පරිගණකය ඔන් කරන්න. දෝෂය නිරාකරණය වේ.

No comments:

Post a Comment