පරිගණකය ඔන් කිරීමේදි ( Load ) ලෝඩ් වීමට ගතවන කාලය වේගවත් කරගැණිම.
පරිගණකය ඔන්කර (
Welcome ) වෙල්කම් ස්ක්රින් එකෙන් පසු පරිගණකයේ වැඩකිරීමට බොහෝ වේලාවක් බලාසිටීමට සිදුවනු ඇත. මෙලෙස සිදුවන්නේ පරිගණකයේ ( Start up ) ස්ටාට් අප් තුලින් අවස්යය ෆයිල් මෙන්ම අනාවස්යය ෆයිල්ද එම අවස්ථාවේදි පරිගණකය තුල ධාවනය වීමයි.
මෙලෙස අනාවස්යය ෆයිල් ධාවනයවීම මගින් ඔබගේ (
Ram ) මතකයෙන් සැලකිය යුතු ඉඩක් ඒ සදහා වැයවීය හැක. එමගින් පරිගණකය මන්දගාමී බවක් පෙන්වීමට පුලුවන.
මෙ සදහා පළමුව ( Start ) ස්ටාර්ට් තුලින් ( Run ) වෙත පිවිසෙන්න. එහි ( msconfig ) යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න. පහත රූපයේ ආකාරයෙන් වින්ඩෝවක් තිරයමත දිස්වේ.
එතුලින් (Startup ) යන්න තෝරන්න. එහි දිස්වනුයේ ඔබ පරිගණකය ඔන් කරන අවස්ථාවේදි රන් ( Run ) වියයුතු ෆයිල් සහ පෝග්රැම්ය.
ඔබ පරිගණකය ඔන් කරන විට රන් වීමට අනවස්යය වැඩසටහන් ඉදිරියේ ඇති හරි ලකුණු ඉවත් කරන්න.පසුව ඇප්ලයි ( Apply ) කර ඔකේ ( ok ) කරන්න. ඉන්පසු පරිගණකය රී ස්ටාර්ට් ( Restart ) කරන ලෙස මැසේජ් එකක් දිස්වේ. පරිගණකය රී ස්ටාර්ට් කරන්න.
දැන් ඔබගේ පරිගණකය පෙරට වඩා වේගවත් වී ඇති බව ඔබට පෙනේවි.
No comments:
Post a Comment