Monday, September 26, 2011

පරිගණකය ඔන් කලවිට දිගින් දිගටම බීප් හඩ ඇසේ

පරිගණකය ඔන් කලවිට දිගින් දිගටම බීප් හඩ ඇසේ ඩිස්ප්ලේ (Display) මතු වන්නේ නැත.(මොනිටරයට සිග්නල් නොපැමිණේ)

මේසේ දිගු බීප් හඩ දිගටම ඇසේන්නේ මතකය පිලිබද දෝෂයක් ඇතිවූ විටය.

එනම් ‍රැම් (Ram) එක දෝෂ සගත වු විටය. ඔබේ පරිගණකයේ කේසින් ඉවත් කරන්න මව් පුවරුවට සම්බන්ද කර ඇති (Ram) කාඩ් පත් ගලවන්න. රම් කාඩ් පත මව් පුවරුවට සම්බන්ද වන ( Slot) එක ප්‍රවේසමෙන් හොදින් පිරිසිදු කරන්න. මේ සදහා පිරිසිදු බුරුසුවක් බාවිතා කලහැක. ‍රැම් කාඩ් පත්ද පිරිසිදු කරගන්න. දැන් නැවතත් ‍රැම් කාඩ් පත් මව් පුවරුවට නිසිආකාරව සම්බන්ද කර ගන්න. දැන් පරිගණකය ඔන් කරන්න. සාමාන්‍ය පරිදි පරිගණකය බූට් වේ නම් දෝෂය නිවැරදිය.

දෝෂය තවමත් පවතීනම්

ඔබේ මව් පුවරුවට ‍රැම් කාඩ් පත් එකකට වඩා සවිකර ඇත්නම් සියලු ‍රැම් කාඩ් පත් මව් පුවරුවෙන් ඉවත් කරන්න. පළමුව එක් ‍රැම් කාඩ් පතක් පමනක් සවිකර පරිගණකය ඔන් කරන්න. දැන් දොෂය නිරාකරණය වී ඇත්දැයි බලන්න නැතිනම් එම කාඩ් පත ගලවා අනෙක් කාඩ් පත සවිකර බලන්න. මේ ආකාරයෙන් පරික්ෂා කර දෝෂය සහිත ‍රැම් කාඩ් පත සොයා ඉවත් කර එ වෙනුවට වෙනත් ‍රැම් කාඩ් පතක් භාවිතා කරන්න. ‍රැම් කාඩ් පත් (SDR,DDR1,DDR2,DDR3) ආදී වශයෙන් එක් එක් මව් පුවරු සදහා වෙනස් වන අතර ඔබගේ මව් පුවරුවට සරිලන ‍රැම් කාඩ් පතක් ‍තෝරා ගැනී මට මතක තබා ගන්න.

Tuesday, September 20, 2011

4 නොනවතින උස් හා පහත් හඩින් යුත් බීප් හඩ

පරිගණකය ඔන් කලවිට නොනවතින උස් හා පහත් හඩින් යුත් බීප් හඩ ඇසේ

මෙලෙස උස් හා පහත් හඩින් යුත් බීප් හඩ ඇසෙන්නේ ප්‍රොසසරය අදික ලෙස රත්වු විටය.

* මෙහිදි ඔබගේ පරිගණකයේ ප්‍රොසසරයේ කූලින් ෆෑන්( Cooling Fan) එක ක්‍රියාත්මක වේ දැයි පරික්ෂාකර බලන්න. එය ක්‍රියානොකරයි නම් එහි පවර් කේබල් එක ගැලවී ගොස් ඇත්දැයි පරික්ෂාකරන්න. (Cooling Fan) එක ක්‍රියා විරහිත වී ඇත්නම් වෙනත් (Cooling Fan) එකක් මාරු කරන්න.

* ප්‍රොසසරය මත ඇති කූලින් ෆෑන් එක ක්‍රියාකරයි නම් එය ප්‍රොසසරය මතට නිසි ආකාරව සම්බන්ධ වී නොමැත විය හැකිය.එය(Cooling Fan) ගලවා නවත නිසි ආකාරව සම්බන්ධ කරන්න.

සාමාන්‍යයෙන් (Cooling Fan) ක්‍රියාත්මක වූවත් එහි (R.P.M.) අගය (විනාඩියකදී කරකැවෙන වට ගණන) ඉහල මට්ටමක තිබිය යුතුය. එම අගය (R.P.M.) පහත් මට්ටමක තිබුනහොත් ප්‍රොසසරය සිසිල් කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වාත්ය ලබා දීමට නොහැකි වී මෙන් ප්‍රොසසරය අඩික ලෙස රත්වීමට පුලුවන.

(මෙසේ ප්‍රොසසරය අඩික ලෙස රත්වීමෙන් ප්‍රොසසරය දැවී යාමට ඉඩ ඇත) මෙම කරුණු මත ඔබගේ ප්‍රොසසරයේ (Cooling Fan) (R.P.M.) අගය පහත් මට්ටමක තිබේ නම් වෙනත් (Cooling Fan) එකක් සවිකරන්න.

(Cooling Fan) කේ (R.P.M.) අගය බලාගැණීමේ හැකියාව (CMOS Setting) තුල ( Pc Health Statius ) යටතේ දිස්වේ. එහිදී ප්‍රොසසරයේ වර්තමාණ උෂ්ණත්වය, පරිගණකයේ වෝල්ටීයතාව, ආදී තවත් කරුණු බොහොමයක් බලාගත හැක.

Sunday, September 18, 2011

3 පරිගණකය බූට් නොවීමේ දෝෂය

පරිගණකයේ කේසින් ඉවත් කරන්න. ගැටළුව ඇති වූයේ තවත් (Hard disk)එකක් සම්බන්ද කල පසු නම් එම (disk) වල ( Jumper Setting ) සම්බන්ධ තාව පරික්සා කර බලන්න.
එහි පළමු (Hard disk) යේ (Jumper) සම්බන්ධය ( Master ) ලෙසද දෙවන ඩ්ස්කයේ (Jumper) සම්බන්ධය (Slave)ලෙසද සම්බන්ධ කරන්න.මෙහිදී එක් එක් (Hard Disk) සදහා (Jumper’s) සම්බන්ධ වන ආකාරය වෙනස් වන අතර ඒ පිළිබද සටහනක් ඩිස්කය මත සටහන්කර ඇත.
ඉන්පසු (IDE Cable ) එකේ පළමු ස්ථානයට (Master hard disk ) එක නිසිආකාරව සම්බන්ධ කරන්න. ඉතිරි ස්ථානයට (Slave hard disk) එක සම්බන්ධ කරන්න. පවර් කේබල්(Power Cable) එකද නිසිආකාරව (Hard drive) එකට සම්බන්ධ කරන්න.


Hard Disk එක SATA( Serial Advanced Technology Attachment) වර්ගයේ නම් එම එක් කේබලයට සම්බන්ද කල හැක්කේ එක හාඩ් ඩිස්කයක් පමණි.
ඉන් පසු පරිගණකය ඔන් කර (CMOS Setting) එකට යා යුතුය.එහි (IDE Hard Detection)ලෙස ථානයක් ඇත්නම් එම ස්ථානයෙන්ද නැතිනම් (Standard CMOS Setup ) යන ස්ථානයෙන්ද හාඩ් එක ඩ්ටෙක්ට් කරගත හැක. නිවැරදිව හාඩ් ඩිස්කය ඩ්ටෙක්ට් උනි නම් අදාළ ඩිස්කයේ විස්තර වගුවෙන් පෙන්නුම් කරයි. මේ සියල්ල නිවැරදිව සිදු කර (CMOS Setting) තුලින් ( F10, Save ) වී ඉවත් වන්න.



දැන් පරිගණකය සාමාන්්‍ය පරිදි බූට් වේ නම් දෝශය නිවැරදිවී ඇත.

දෝශය එසේම පවතී නම් පරිගණකයේ (Hard disk)එකේ සිස්ටම් ෆයිල් වලට හානි වී තිබිය හැකියයි සැක කලහැක එවිට නැවතත් සිස්ටම් (Windows) ස්ථාපනය කිරීමට සිදුවේ.
තවද මව් පුවරුවේ,රැම් එකේ,බලසැපයුමේ දෝශ නිසාද මෙවැනි තත්වයක් ඇතිවිය හැකිබැවින් ඒ ඒ උපකරණ පරික්ෂාකර බලා අවසන් ක්‍රියා මාර්ගය ලෙස (Windows) නැවත ස්ථාපනය කිරීම හොදය.

Wednesday, September 14, 2011

2 පරිගණකය ඔන් වේ නමුත් වින්ඩෝස් බූට් වන්නේ නැත


1 සීමෝස් සෙටින්ග් තුලින් බූට් ඔඩර් එක සැකසීම


පරිගණකය ඔන්කර යතුරු පුවරුවේ (DeleteහෝF1,F2,Esc)( මෙය එක් එක් මව් පුවරු සදහා වෙනස් වේ) යතුර ඔබා බයෝස් (Bios) තුලට පිවිසෙන්න. එහි බූට් ඔඩර් ස්ථානයේ (First boot) සදහා සීඩී රොම් එකද (Second boot ) සදහා හාඩ් ඩ්‍රයිව් එකද ලබා දේන්න. ඉන්පසු යතුරු පුවරුවේ (F10) යතුර ඔබා සේව් කර ඉවත් වන්න. දැන් පරිගණකය බූට් වී වින්ඩෝස් ලෝඩ් වේ නම් දෝශය තිබී ඇත්තේ බූට් ඔඩර් එක තුලය.


මෙහිදී (First boot) සදහා සීඩී රොම් ලබා දීම මගින් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පරිගණකයට ස්ථාපනය කිරීමේදී සීඩී එක බූට් වීමේ ක්‍රියාවලිය සිදුකරයි.

Monday, September 12, 2011

1 පරිගණක දෝශ සහ එයට පිලියම් යෙදීම

පරිගණක දෝශ සහ එයට පිලියම් යෙදීම

පරිගණකය ඔන් වන්නේ නැත


බලසැපයුමේ දෝශයකි

පරිගණකයේ බලසැපයුම ගෙන එහි මව් පුවරුව සදහා සම්බන්ද වන ස්ථානයේ කොල වර්ණයේ වයරයද කලු වර්ණයේ වයරයද කුඩා වයර් කැබල්ලක් ගෙන කුඩ සිදු‍රැ එකිනෙක සම්බන්ද කරන්න.

එවිට් බලසැපයුමේ ෆෑන් එක වැඩකරයි නම්(කරකැවෙයි නම්) බලසැපයුමේ දෝශයක් නොමැති බවට අනුමාන කල හැක.

පරිගණකයේ ඔන් ස්විචය මව් පුව‍රැවට සම්බණ්ද වන ස්තානය පරික්සා කර බලන්න. කුඩා ටෙස්ටරයක් ගෙන ඉතා ප්‍රවේසමෙන් එම ස්තාන්ය ස්පර්ශ කර පරිගණකය ඔන් කිරීමට උත්සාහ කරන්න. එව්ට පරිගණකය ඔන් වූවා නම් දෝශය තිබේන්නේ ඔන් ස්ව්චයේය. එ සදහා වෙනත් ඔන් ස්ව්චයක් බාවිතා කරන්න.

Sunday, September 4, 2011

ඔබගේ පරිගණකයේ හානිවු සිස්ටම් ෆයිල් නැවත පිහිටුවීම

ඔබගේ පරිගණකයේ හානිවු සිස්ටම් ෆයිල් නැවත පිහිටුවීම

Windows xp සහිත සීඩී එක ඇතුඵූ කරන්න start – Run ඩයලොග් බොක්ස් එක වෙත පවිස sfc /scannow යන්න ටයිප් කර ඕකේ බටන් එක ඔබන්න සිස්ටම් ‍ෆයිල් නැවත Install වීම ඇරඹේ.

Sunday, July 24, 2011

මව් පුවරුව

anrsoftware (Azwar deen)

පරිගණකයේ බීප් සබ්දය හරහා ලෙඩ හදුනගන්නේ කොහොමද බලමු

කෙටි බීප් හඩක් - පද්ධතියේ දෝෂයක් නොමැත

කෙටි බීප් හඩ දෙකක් - POST/CMOS හි දෝෂයක්

බීප් හඩ නැත - බල සැපයුමේ හෝ මව්පුවරුවේ දෝෂයකි

නොනවතින බීප් හඩ - බල සැපයුමේ මව්පුවරුවේ යතුරු පුවරුවේ දෝෂයකි

නැවත නැවත මතුවන කෙටි බීප් හඩ - මතකය පිලිබද දෝෂයකි

ඵක් දිග බීප් හඩක් හා කෙටි බීප් හඩක් - මව්පුවරුවේ දෝෂයකි

ඵක් දිග බීප් හඩක් හා කෙටි බීප් හඩ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටරයේ දෝෂයකි

ඵක් දිග බීප් හඩක් හා කෙටි බීප් හඩ තුනක් - ග්‍රැ‍ෆික් ඇඩප්ටරයේ දෝෂයකි

දිග බීප් හඩ තුනක් - යතුරු පුවරුවේ දෝෂයකි

නොනවතින උස් හා පහත් හඩින් යුත් බීප් හඩ - ප්‍රොසෙසරය අඩික ලෙස රත්වී දෝෂ ගෙන දෙන බව කියයි

තවද මොනිටරය මත දිස්වන ඵරර් කෝඩ් ඵක අනුව දෝෂයක නීරනය කල හැක

ඉන් කිහිපයක් මෙසේය

100 to 199 System Board

200 – 299 Memory

300 – 399 Keyboard

400 – 499 Monochrome display

700 – 799 Math Coprocessor

900 – 999 Parallel Printer Port

1000 – 1099 Alternate Printer Adapter

1100 – 1299 Asynchronous Communication device, adapter ,or Port

1300 – 1399 Game port

1400 – 1499 Color/graphics printer

1500 – 1599 synchronous Communication device, adapter ,or Port

1800 – 1899 Expansion unit (TX)

2000 – 2199 Bisynchronous Communication adapter

2400 – 2599 EGA System Board video (MCA)

3000 – 3199 LAN Adapter

4800 – 4999 Internet modem

7000 – 7099 Phoenix Bios chip

7300 – 7399 3.5 inch disk drive

8900 – 8999 MIDI adapter

11200 – 11299 SCSI adapter