Monday, August 20, 2012

Easy Folder Lock මෙන්න ෆොල්ඩර් ලොක් සොෆ්ට් එකක්


සියලු යාලුවන්ට/යෙහෙලියන්ට සුබ දවසක්...!

                                  Easy Folder Lock

අද ගෙනාව පොඩි සොෆ්ට්වෙයා එකක්. මෙක ඔයලට ප්රයොජන ඇතිකියල හිතනව.
මෙකෙන් කරන්න පුලුවන් ඕනම ෆොල්ඩෙර් එකක් ලොක් කරන්ඩ පුලුවන්.
කරන්ඩ තියෙන්නෙ ෆොල්ඩෙර් එක ඇදල මේක උඩින් අත්හරින එක විතරයි. එතකොට ෆොල්ඩර් එක ලොක් වෙනව. කවුරුහරි ෆොල්ඩෙර් එක ඕපන් කලොත් ඔපන් වෙන්නෙ (මයි කම්පියුටර්) එක නැත්නම් (කන්ට්රොල් පැනල්) එක. එනිසා කාටවත් ෆොල්ඩෙර් එක ඕපන් කරන්ඩ බැහැ.අයිකන් එකත් වෙනස් වෙනව ඒනිසා කාටවත් හොයාගන්ඩත් බැහැ. මෙකට පාස්වර්ඩ් මොකවත් ඕනනැහැ
පාස්වර්ඩ් තිබ්බොත් රීකවකර් කරල පාස්වර්ඩ් පාස්වර්ඩ් එක හොයාගන්ඩත් පුලුවන්නෙ.
ෆොල්ඩර් එක අන්ලොක් කරන්ඩ ආයෙත් ෆොල්ඩර් එක ඇදලා මේක උඩින් අත්හරින්ඩ විතරයි තියෙන්නෙ. ෆොල්ඩර් එක අන්ලොක් වෙනව.




මෙක හැදුවෙ මමයි ඔයාලගේ අදහස් ටිකත් කියලම යන්ඩ හොදේ..

මෙන්න ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න...


Tuesday, April 17, 2012

පරිගණකය ඔන් කිරීමේදි ( Load ) ලෝඩ් වීමට ගතවන කාලය වේගවත් කරගැණිම


පරිගණකය ඔන් කිරීමේදි ( Load ) ලෝඩ් වීමට ගතවන කාලය වේගවත් කරගැණිම.

පරිගණකය ඔන්කර ( Welcome ) වෙල්කම්  ස්ක්රින් එකෙන් පසු  පරිගණකයේ වැඩකිරීමට බොහෝ වේලාවක් බලාසිටීමට සිදුවනු ඇත. මෙලෙස සිදුවන්නේ පරිගණකයේ ( Start up ) ස්ටාට් අප් තුලින් අවස්යය ෆයිල් මෙන්ම අනාවස්යය ෆයිල්ද එම අවස්ථාවේදි පරිගණකය තුල ධාවනය වීමයි.
මෙලෙස අනාවස්යය ෆයිල් ධාවනයවීම මගින් ඔබගේ ( Ram ) මතකයෙන් සැලකිය යුතු ඉඩක් සදහා වැයවීය හැක. එමගින් පරිගණකය මන්දගාමී බවක් පෙන්වීමට පුලුවන.
මෙ සදහා පළමුව  ( Start ) ස්ටාර්ට් තුලින් ( Run ) වෙත පිවිසෙන්න. එහි ( msconfig ) යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න. පහත රූපයේ ආකාරයෙන් වින්ඩෝවක් තිරයමත දිස්වේ.


එතුලින් (Startup ) යන්නතෝරන්න. එහි දිස්වනුයේ ඔබ පරිගණකය ඔන් කරන අවස්ථාවේදි රන් ( Run ) වියයුතු ෆයිල් සහ පෝග්රැම්ය.

ඔබ පරිගණකය ඔන් කරන විට රන් වීමට අනවස්යය වැඩසටහන් ඉදිරියේ ඇති හරි ලකුණු ඉවත් කරන්න.පසුව ඇප්ලයි ( Apply ) කර ඔකේ ( ok ) කරන්න. ඉන්පසු පරිගණකය රී ස්ටාර්ට් ( Restart ) කරන ලෙස මැසේජ් එකක් දිස්වේ. පරිගණකය රී ස්ටාර්ට් කරන්න.
දැන් ඔබගේ පරිගණකය පෙරට වඩා වේගවත් වී ඇති බව ඔබට පෙනේවි

Monday, January 23, 2012

පරිගණකය වේගවත් කරගන්නා හැටි

පරිගණකය වේගවත් කරගන්නා හැටි

ඔබගේ පරිගණකයේ පෙර තිබූ වේගය අඩාල වී තිබේද?

පරිගණකය මන්දගාමී වීමට බලපාන හේතු කිහිපයක් තිබේ.

1 ( Temp File )අදික ලෙස පිරීතිබීම.

2 පරිගණකයට වෛරසයක් ඇතුලුවී තිබීම.

3 පරිගණකයට ඔරොත්තු නොදෙන වෛරස් ගාඩ් එකක් බාවිතා කිරීම.

4 ( Hard Disk ) දෘඩ තැටිය තුල ෆයිල් නිසිආකාරව ගබඩා නොකිරීම.

5 ( Start up ) තුලින් අනවශ් වැඩසටහන් ධාවනය වීම.

6 ප්රොසසරය අදික ලෙස රත් වීම.

7 මෙහෙයුම් පද්ධතියට අදාල ෆයිල් දෝෂ සහගත වීම ආදිය සැලකිය හැක.

* (Temp) ෆයිල් ඉවත් කර ගැණීමට ( C Hard Drive / Properties / Disk Cleanup ) යන්න සලෙක්ට් කරන්න. ඉන්පසු අනවශ් ෆයිල් ඉවත් කරගන්න. මේ සදහා වෙනත් මෘදුකාංගද බාවිතා කල හැක.

* පරිගණකයට වෛරස් ඇතුලු වීමෙන් පරිගණකය මන්දගාමී වියහැක. මෙවිට ඇන්ටිවෛරස් රෙස්කියු ඩිස්ක් එකක් මගින් පරිගණකය ස්කෑන් කර වෛරසය ඉවත් කරගන්න . තවද ඔබ බාවිතා කරනු ලබන ඇන්ටිවෛරස් වැඩසටහන පරිගණකය ඔරෙත්තු නොදෙන එකක් නම් පරිගණකය ඉතා මන්දගාමී වියහැක.

* පරිගණකය ඔන් කරන අවස්ථාවේදි ( Start up) තුලින් අනවශ් ( Program) රන් වීමෙන් පරිගණකය ඔන් කරන අවස්ථාවේදි මෙන්ම වැඩකරන අවස්ථාවේදිද පරිගණකය මන්දගාමී වියහැක. මේ සදහා ස්ටාර්ට් ( Start ) රන් ( Run) ඕපන් කරගන්න. තුල ( msconfig ) යන්න ටයිප් කර එන්ටර් ( Enter) කරන්න. ඉන්පසු ඔපන්වූ වින්ඩෝවෙන් ස්ටාර්ට් අප් ( Start up ) ටැබ් එක සිලෙක්ට් කරන්න. තුල ඇත්තේ පරිගණකය ඔන්කරන අවස්ථාවේදි රන් වන ඇප්ලිකේෂන්ය. මේ තුලින් අනවශ් ඇප්ලිකේෂන් ඉදිරියේ ඇති හරි ඉවත් කරන්න පසුව ඔකේ ( Ok) කරන්න. ඉන්පසු කුඩා ( Message Box ) එකක් දිස්වේ එතුලින් රී ස්ටාර්ට් නව් යන්න සිලෙක්ට් කරන්න පරිගණකය රී ස්ටාර්ට් වේ.

* පරිගණකයේ ප්රොසසරය කූල් කරන කූලිං ෆෑන් එක නිසිආකාරව ක්රියා නොකිරීමෙන් ප්රොසසරය අදිකලෙස රත්වීම නිසා පරිගණකය මන්දගාමී ස්වභාවයන් හෝ ස්ටරක් ( Struck ) වීම් වැනිදෑ සිදු විය හැක. පරිගණකයේ කේසින් ඉවත් කර කූලින් ෆෑන් එක පරික්ෂාකර බලන්න. එහි දූවිලි හීට් සිංක් එකමත බැදී ඇත්නම් ඒවා නිසාද ප්රොසසරය රත් විය හැක. ෆෑන් එක නිසිආකාරව ක්රියා නොකරයි නම් සදහා වෙනත් එකක් යොදන්න.

* මෙහෙයුම් පද්ධතියට අදාල ෆයිල් මැකීයාමෙන් හෝ දෝෂ සහගත වීමෙන් ඉහත ආකාරයේ තත්වයක් ඇතිවිය හැක. මේසදහා පෙර පාඩමක සදහන් කල ආකාරයෙන් (Windows Xp ) සහිත සීඩී එක ඇතුලු කර ( Start) තුලින් ( Run ) ඔපන් කර ගන්න. තුල ( sfc /scannow) යන්න ටයිප් කර (Ok) කරන්න එවිට නැවතත් සිස්ටම් ෆයිල් ස්ථාපනයවීම ආරම්භවේ.

* දෘඩතැටිය ( Hard Disk ) තුල නිසිආකාරව දත්ත ගබඩා නොකිරීම නිසාද පරිගණකය මන්දගාමී වියහැක මේ සදහා (C Hard Drive / Properties / Tools / Defragment Now) යන්න තුලින් ( Defragment ) කරගත හැක. එම කාර්ය තවත් හොදින් කරගත හැකි මෘදුකාංග ( Software) තිබේ පහත සදහන් කර ඇත්තේ එවැනි ඉතා හොද ( Software) එකකි මේ තුලින් පරිගණකය බූට් වීමේදී ගතවන කාලයද වේගවත් කරගත හැක.